සද සාවිය

සදට සෙනෙහෙ පෑ
තනි තරුව නුඹ
ඈතින් හිද සද දෙස බලා
සුසුම් හෙළු
තනි තරුව නුඹ
ඉතින් ඇරයුම් ළගට විත් හිද
සනසවන්න සද
සද සාවිය වී ළගින්ම හිද
සදෙහි ලප මත
හුරතලයට දුව පනිමින්
ඔබ පෑ සුරතල්
ඔබේ ආදර වදන්
සදා හද මඩලෙහි
රෑව් පිළි ‍රැව් දේවි
එක්වෙමු මතු දාක
ළං වී සිනාසෙමු
මතක් කර පෙර දාක
දබර කල තැන්
සෙනෙ පැ තැන්

0 comments:

Post a Comment

zwani.com myspace graphic comments