ඔබ අහස

කදුළු වැස්සට තෙමෙන දෑසට 
හීන තවමත් ප්‍රමාදයි
සුසුම් උහුලන මගේ හිත යට 
ඉන්නෙ තවමත් ඔයාමයි
ඔබට මගෙ සිත පිදුව සෙනෙහෙට 
අහසෙ තරු කැට පරාදයි
මාව සනසා එන්නෙ කවදද 
ඔයා අහසට සමානයි

සද සාවිය

සදට සෙනෙහෙ පෑ
තනි තරුව නුඹ
ඈතින් හිද සද දෙස බලා
සුසුම් හෙළු
තනි තරුව නුඹ
ඉතින් ඇරයුම් ළගට විත් හිද
සනසවන්න සද
සද සාවිය වී ළගින්ම හිද
සදෙහි ලප මත
හුරතලයට දුව පනිමින්
ඔබ පෑ සුරතල්
ඔබේ ආදර වදන්
සදා හද මඩලෙහි
රෑව් පිළි ‍රැව් දේවි
එක්වෙමු මතු දාක
ළං වී සිනාසෙමු
මතක් කර පෙර දාක
දබර කල තැන්
සෙනෙ පැ තැන්

මගේ ආදරේ


හිනාවෙන ඇස්දෙකට මං තරම් ආදරේ
කවුරුවත් නැතුව ඇති ඔබට මේ ලෝකයේ
දොඩමලුව ඔබ මැවූ හීන සිතිවිලි දිගේ
පියමැන්න මං නේද ආදරෙන් ලංවුනේ
ඔබෙ කදුලු පිසදමා හිතම සනහා තියා
මා නොවෙද හැමවෙලේ මිහිරි කලෙ ජීවිතේ
ජීවිතය පතා ඔබ වෙන හිතක නැවතුනත්
කාටවත් දෙන්න බෑ මං දුන්නු ආදරේ
zwani.com myspace graphic comments